දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික තොරතුරු කළමනාකරණ පද්ධතියක්
Related Articles
දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික තොරතුරු කළමනාකරණ පද්ධතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම කෘෂිකාර්මික තොරතුරු කළමනාකරණ පද්ධතියේ ප්‍රගතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කෘෂිකර්මාන්තයට අදාළ සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු මීට ඇතුළත්. වවුනියාව හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තොරතුරු එක්රැස් කිරීම මේ වන විටත් අවසන් කර ඇති අතර තවත් දිස්ත්‍රික්ක කිහිපයක තොරතුරු එක්රැස් කිරීම සිදු වෙමින් පවතිනවා. යාවත්කාලීන හා සත්‍ය තොරුතුරු පමණක් යන වගකීම ප්‍රමුක කරගෙන මෙම තොරතුරු පද්ධතිය සකස් විය යුතු බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේ. වගා කෙරෙන ඉඩම් මොනවාද කුමන වගාවන් ඒ ඒ කාලය තුළ සිදු වන්නේද එක් කන්නයක දිවයින පුරා වගා කර ඇති බෝග සහ ප්‍රමාණයන් මොනවාද මෙන්ම බෝග වගා කිරීමේදී තෝරාගත යුතු ක්‍රමවේද මීට ඇතුළත්. කෘෂි තාක්ෂණික දැනුම, වගාකිරීම් අනුව නිෂ්පාදනය, අලෙවිය සහ මිල දිවයින පුරා ක්‍රියාත්මක කෘෂිකාර්මික ව්‍යාපෘති මොනාවාද යන්න මෙම තොරතුරු කළමනාකරණ පද්ධතියට ඇතුලත් වනවා. මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කියා සිටියේ මේ වන විටත් තොරතුරු කළමනාකරණ පද්ධතිය සකස් කිරීමේ වැඩපීළිවෙළේ සැළකිය යුතු කොටසක් අවසන් කර ඇති බවයි.