රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයේ රාජකාරි අරඹයි
Related Articles
විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළා.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළේ අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින්. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ග්‍රාමීය සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමටත් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරිමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ක්ෂේත්රයේ ප්රවීනයින් සමඟ කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සඳහන් කළේ.