බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරේ 12161 දෙනෙකු පීඩාවට
Related Articles
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරේ පුද්ගයින් දෙළොස් දහස් එකසිය හැටඑක් දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ.
බුරලි සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ අධික වර්ෂාවත් සමග උතුරු පළාතේ පවුල් තුන්දහස් පන්සිය පනස් හතරකට අයත් පුද්ගලයින් දොළොස් දහස් එකසිය හැට එක්දෙනෙකු මෙසේ පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම ආපදා තත්ත්යවයට මුහුණ දුන් පවුල් දෙදහස් හතළිස් හතක් ආරක්ෂිත ස්ථාන විසිහතක් කරා යොමු කිරීමට පියවර ගැනුණේ පොලීසිය යුද හමුදාව හා ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ මෙහෙයවිම මතයි. නිවාස පහළොවක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව එකසිය හැත්තෑ තුනක්. කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් තුවාල ලබා රෝහල් ග කර ඇති අතර එක් ධීවරයෙකු අතුරුදන්ව සිටිනවා. එම ධීවරයා යාපනය සංගානෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් පසු මෙසේ අතුරුදන්ව ඇති බවයි පැවසෙන්නේ. පීඩාවට පත්වූවන්ට සහාය දැක්වීමේ කටයුතු අඛණ් ව ක්‍රියාත්මකයි. නිරිත දිග බෙංකාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුරවි සුළි කුණාටුව ඊයේ රාත්‍රී දහයයි තිහත් එකොළහයි තිහත් අතර කාලය තුළ ඊශාන දිග වෙරළ තීරයේ තිරියාය හා කුච්චවේලි අතුරින් මෙරටට ඇතුව වුණා. බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරම බොක්ක හරහා දිවයිනෙන් බැහැරට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගත වූ පැය 24 තුළ දිවයිනේ උපරිම වර්ෂාපතනය වූ මිලිමීටර් දෙසිය හැත්තෑ නවයයි දශම අට වාර්තාවූයේ අක්කරායන්කුලම් ප්‍රදේශයෙන්. එමෙන්ම චාවකච්චේරි ප්‍රදේශයට මිලිමීටර් 260 ක හා මුලතිව් ප්‍රදේශයට මිලිමීටර් 224 ක මෙන්ම ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට මිලිමීටර් 202 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. පදවි ශ්‍රී පුර ප්‍රදේශයට මිලිමීටර් 199 ක්, උදයාර්කට්ටු ප්‍රදේශයට මිලිමීටර් 190 ක් හා වැලිඔය ප්‍රදේශයට මිලිමීටර් 186 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඊයේ සහ අද දෙදින තුළ ඇදහැලුනු වර්ෂාපතනය හේතුවෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවල විදුලිය බිද වැටීමක් වාර්තා වුවද සැළකිය යුතු ආකාරයේ බලපෑමක් ඇති නොවූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළා.