ඉන්දීය රජය සම්මත කළ නව ගොවි පනතට එරෙහි උද්ඝෝෂණ සඳහා ලක්ෂ ගණනක පිරිසක් සහභාගිවී සිටින බව වාර්තා වනවා.
ඉන්දියාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා පෞද්ගලික අංශයට ද මැදිහත්විය හැකි ආකාරයෙන් ඉන්දීය රජය පසුගියදා පනතක් සම්මත කළා. එම පනතට එරෙහිව විරෝධයපාමින් ලක්ෂ ගණනක ගොවීන් ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය හේතුවෙන් ඔවුනට අසාධාරණයක් සිදුවන බවයි. සාධාරණයක් ඉටුවනතුරු විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවයි ඔවුන් පවසන්නේ.