ජැෆ්නා කණ්ඩායමට ලකුණු 54ක ජයක්
Related Articles
ලංකා පි‍්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 54 කින් ජයගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුනා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු අටක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 185 ක්. තිසර පෙරේරා ලකුණු 68 ක් වාර්තා කිරිමට සමත් වුණා. දනංජය ද සිල්වා ලකුණු 61 යි. පන්දු යැවීමේදී කැන්ඩි ටස්කස් කණ්ඩායම වෙනුවෙන් නවීන් උල්හක් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කැන්ඩි ටස්කස් කණ්ඩායම පන්දු වාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 131 ක් රැස් කරගත්තා. බේරන්ඩන් ටේලර් ලකුණු 46 යි. පන්දු යැවීමේදී උස්මාන් ශින්වාරි කඩුලු තුනක් දවාගත්තා.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදීසිටින්නේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩාමයි. දෙවන ස්ථානයේ කළම්බෝ කින්ග්ස් රැදී සිටිනවා.
අද පස්වරුවේ ගෝල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටෑලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් , කැන්ඩි ටස්කස් තරග පැවැත්වීමටයි නියමිත.