LPL 2020 : කළම්බු කින්ග්ස් පරදා දඹුල්ල වයිකින් ජයගනී
Related Articles
එල්පීඑල් තරගාවලියේ දඹුල්ල වයිකින් හා කළම්බු කින්ග්ස් කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වුණා. ලකුණු 176 ක ඉලක්කයක් හමා ගිය කළම්බු කින්ග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 147 ක් පමණයි.
තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 03 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල දැවී ගියා. දෙවන කඩුල්ල ලෙස පෝල් ස්ටර්ලින් දැවී ගියේ ද මුළු ලකුණු සංඛ්‍යාව 03 ක්ව තිබියදී. උපුල් තරංග ලකුනු 25ක් පන්දු ඉන්මට එක් කළා. සමිත් පටෙල් ලකුණු 30 යි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 34 කදී ලකුණු 56 ක් ලබා ගත්තා. පන්දු යැයීමේදී ඉසුරු උදාන සහ ඇන්ඩි රසල් කඩුළු 03 බැගින් දවා ගත්තා. නියමිත පන්දුවාර 20 අවසානයේ දඹුල්ල වයිකින්ස් ක්‍රීඩකයන් කඩුළු 09 ක් දැවී ලකුණු 175 ක් ලබාගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි කලම්බු කින්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව 0 ක් ව තිබියදී පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවීගියා. දෙවෙනි කඩුල්ල දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 11 ක්ව තිබියදීයී.