fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් මළ සිරුරු ආදාහනය රජයේ වියදමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 18:14

කොවිඩ් වයිරසය ආසාදනයෙන් මිය ගිය එහෙත් ඥාතීන් සහ භාරකරුවන් ඉදිරිපත් නොවන මෘත දේහවල ආදාහන කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

කෝවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය කිහිප දෙනෙකුගේ සිරුරු රජයේ රෝහල්වල ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. එම මෘත ශරීර ආදාහන කටයුතු සෞඛ්‍ය උපදෙස්වලට අනුව රජයේ වියදමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

මේ සදහා වන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් ලබාදිය යුතු බවටයි  එම මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්