මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ Covid එන්නත භාවිතයට අවසර ඉල්ලයි
Related Articles
කොරෝනා වයිරසයට එරෙහිව සියයට 94ක සාර්ථකත්වයකින් යුතු එන්නතක් නිෂ්පාදනය කළ මොඩර්නා සමාගම එම එන්නත භාවිතය සදහා ඉල්ලුම් කර තිබෙනවා.
ඇමෙරිකාවේ සහ යුරෝපීය රටවල් තුළ එම එන්නත භාවිතයට අවසර ලබා දෙන ලෙසයි මොඩර්නා සමාගම ඉල්ලුම් කර ඇත්තේ. මොඩර්නා එන්නත සියයට 94 දශම එකක සාර්ථකත්වයක් පෙන්වා ඇති අතර මේ වන තෙක් එහි කිසිදු අහිතකර අතුරු ප්‍රතිඵලයක් පෙන්වා නැහැ. සියයට 95ක සාර්ථකත්වයෙන් යුතු වයිරසයට එරෙහි තවත් එන්නතක් නිෂ්පාදනය කළ ෆයිසර් සමාගම මේ වන තෙක් එම එන්නත භාවිත කිරීම සදහා ඉල්ලුම් කර නැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම සියයට 95 ක සාර්ථකත්වයෙන් යුතු රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත මේ වන විට භාවිතයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.