fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලකුණු 25 ක ජයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 12:08

එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ ගෝල් ග්ලැඩියේටර්ස් හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු විසි පහක ජයක් හිමි කර ගැනීමට‌ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු එකසිය අනූ හයක් රැස් කර ගත්තා. එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ බ්‍රෙන්ඩන් ටේලර් පන්දු තිස් පහකදී ලකුණු පනස් එකක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු හතලිස් නවයක් ලබා සිටියදී දැවී ගියා.

පිලිතුරු ඉනිම ආරම්භ කළ ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයන්ට කඩුලු හතක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 171 ක් පමණයි. හුදෙකලා ඉනිමක් දියත් කළ ධනුෂ්ක ගුණතිලක පන්දු පනස් තුනකදී අගනා ලකුණු 82 ක් ඉනිමට එක් කළා.

මේ අතර එල්පීඑල් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින් කණ්ඩායම් අතර අද පැවති තරගයෙන් ලකුණු 66 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා. මුලින් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයන් නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුළු 07 ක් දැවී ලකුණු 218 ක් රැස් කර ගත්තා. නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 97 යි. චතුරංග ද සිල්වා ලකුණු 29යි. වනිදු හසරංග ලකුණු 24 ක් සහ ෂොහේබ් මලික් ලකුණු 24 ක් රැස් කර ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයිකින් ක්‍රීඩකයන්ට පන්දුවාර 19යි පන්දු 01 ක් අවසානයේ සියලු දෙනා දැවී  රැස් කිරීමට හැකි වුණේ ලකුණු 152 ක් පමණයි. සමිත් පටෙල් ලකුණු 41 ක් සහ නායක දසුන් ශානක  ලකුණු 35 ක් රැස් කර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 12:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්