ධනංජය සිල්වාගේ පියාගේ ඝාතන සැකකරු අත්අඩංගුවට
Related Articles
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතන සැකකරු ධර්මසිරි පෙරේරා යන අය ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අබුඩාබිහිදීයි.
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රංජන් සිල්වා මහතා ඝාතනයට ලක්වූයේ 2018 මැයි 24 වනදායි. රත්මලාන ඤානේන්ද්ර පාරේ සිදුවූ වෙඩි තැබීමකින් ඔහු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා සිටියා. නාදුනන පිරිසක් ටී 56 අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බවයි පොලිස් වාර්තාවලින් හෙළි වුණේ. මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු හෙළි කළා.