උතුරු දිග කොළොම්බියාවේ ගම්මානයක ඇතිවූ ගින්නකින් දෙදෙනෙකු ජීවිත්ෂයට
Related Articles
උතුරු දිග කොළොම්බියාවේ ගම්මානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්ෂයට පත්ව තිබෙනවා.
ගින්න හේතුවෙන් නිවාස විනාශ වී ගොසින්. සිය ගණනක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. නිවාස 82ක් ගින්න හේතුවෙන් විනාශයට පත්වී ඇති අතර ඉන් 44ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ. එම ප්‍රදේශයට අදාළව ගිනි නිවීමේ ඒකකයක් නොමැති වීම ගින්න පැතිර යාමට හේතුව ලෙස දැක්වෙනවා. ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.