දඹුල්ල වයි කින්ග්ස් කණ්ඩායම ලකුණු දෙසීය දහ නවයක ඉලක්කයක් හඹා යයි
Related Articles
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය ලෙස ජැෆ්නා ස්ටැලියන් සහ දඹුල්ල වයි කින්ග්ස් කණ්ඩායම් අතර තරගය මේ වනවිට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංනයේදී පැවැත්වෙනවා. ලකුණු දෙසීය දහ නවයක ඉලක්කයක් හඹා යන දඹුල්ල වයි කින්ග්ස් කණ්ඩායම මේ වනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටිනවා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ස්ටැලියන් ක්‍රීඩකයන් සිය පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හතක් දැවී ලකුණු දෙසීය දහ අටක් රැස් කළා. ස්ටැලියන්ස් ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු පුවරුව විසි තුනක්ව තිබියදී දවා ගැනීමට වයි කින්ග්ස් ක්‍රීඩකයන් සමත් වුණා. කෙසේ වෙතත් වේගවත් ඉනිමක් ක්‍රිඩා කළ නායක තිසර පෙරේරා නොදැවී ලකුණු අනූ හතක් ලබා ගනිමින් ස්ටැලියන්ස් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී සමිත් පටෙල් කඩුලු දෙකයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයි කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින්ට ලබා ගත හැකි වූයේ ලකුණු දෙකක් පමණයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු විස්සකට දැවී ගියා.