උත්සව සමය එළඹීමත් සමඟ වයිරස ව්‍යාප්තිය වේගවත් විය හැකියි
Related Articles
උත්සව සමය එළඹීමත් සමඟ ජනතාව නිදහසේ ගමන් බිමන් යාමට පෙළඹීම වයිරස ව්‍යාප්තිය වේගවත් කිරීමට ඉවහල් විය හැකි බව ඇමෙරිකාවේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්ටනී ෆවුසි සඳහන් කරනවා.
මුඛ ආවරණ පැළදිම හා මීටරේ දුර තබා ගත්තද ජනතාව එක් පළාතක සිට තවත් පළාතකට ගමන් කිරීමෙන් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම අවම නොවන බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ. පසුගිය සති අන්තයේදී නගරබද ජනතාව පිට පළාත්වලට ගමන් කිරීම අතිශය භයානක තත්ත්වයක් උද්ගත කිරීමට ඉවහල් විය හැකි බවට වෛද්‍ය ෆවුසි බිය පළ කරනවා. මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන දහතුන ඉක්මවා ඇති අතර වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.