fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා ප‍්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2020 19:08

ලංකා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට දිනයේදී පැවැත්වෙනවා. ඒ අනුව තරගාවලියේ පස්වන තරගය ලෙස දඹුල්ල වයි කින්ග්ස් සහස ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් හෙට පස්වරු තුනයි තිහට තරග වැදීමට නියමිතයි.‍‍‍ තරගාවලියේ හයවන තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කස් තරග වදින්නේ හෙට රාත්‍රී අටයි තිහටයි. කැන්ඩි ටස්කස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් වලට හෙට තරගය බෙහෙවින් වැදගත් වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. මේ අතර කළම්බු කින්ග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර ඊයේ රාත්‍රී පැවති තරගයෙන් සුවිශේෂි ජයක් වාර්තා කිරීමට කළම්බු කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ සියලු තරග ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවි ඔස්සේ සජීවිව නැරඹිය හැකියි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2020 19:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්