කළම්බු කින්ග්ස් කණ්ඩායමට සුවිශේෂී ජයක්
Related Articles
ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ කළඹ්බු කින්ග්ස් සහ ගෝල් ග්ලැඩ්යේටර්ස් කණ්ඩායම් අතර තරගයේ සුවිශේෂි ජයක් වාර්තා කිරීමට කළම්බු කින්ග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයට හා ඒ අවට ප්‍ර දේශයට ඊයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් කළම්බු කින්ග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගය පන්දු වාර පහකට සීමා කෙරුණා. ඒ අනුව පන්දුවට ප්‍රථමයෙන් පහර දුන් කළම්බු කින්ග්ස් කණ්ඩායම වේගවත් ආරම්භයක් සමගින් සිය පන්දු වාර පහ අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 96 ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩි රසල් පන්දු දහනවයකදී ලකුණු හැට පහක් රැස් කළේ මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියමින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය පන්දු වාර අවසානයේදී කඩුලු දෙකක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු හැට දෙකක් පමණයි. ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු තිහක් රැස් කළා. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ඇන්ඩි රසල්.