ඩුබායි සිටි ශ්‍රී ලාංකිකයන් 80 දෙනෙකු හා කටාර් සිටි 45 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොළේදීම PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 53 ක 5279 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 11936 ක් සිදු කළ බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.