නිරායුධ කළු ජාතිකයෙකුට පහර දීමේ සිද්ධිය මුල් කර ගනිමින් ප්‍රංශ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා.
පහර කෑමට ලක්ව ඇත්තේ කළු ජාතික සංගීතඥයෙකු බවයි වාර්තා වන්නේ. ඔහුට දරුණූ ලෙස පහර දෙන ආකාරය දැක්වෙන සීසීටීවි දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. මෙම සිද්ධිය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසන්නේ අදාළ පොලිස් නිලධාරීන් තුන්දෙනාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
මෙම සිද්ධිය එරට සමස්ත ආරක්ෂක ප්‍රජාවම හෑල්ලුවට ලක් කිරීමක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.