fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩු ලාල්ගේ ගෝලයා පට්ටලේ සමීර අයුධත් එක්කම පොලිස් දැලේ 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2020 12:09

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් සහ මහවත්තේ ප්‍රීමා නැමත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පට්ටලේ සමීර නැමත්තා පිස්තෝලයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුක්ෂාන් සමීර මදුශංක හෙවත් පට්ටලේ සමීර නැමත්තා පන්නිපිටිය කොට්ටාව පරණ පා‌රේදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායයි.

රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්,  උණ්ඩ දාහතරක්,  උල් පිහියක් හා කඩුවක් ද ඔහු සන්තකයේ තිබී සොයා ගත්තා. සැකකරු සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2020 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්