මැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 277 දෙනෙකු මෙරටට පැමිණියා. ඩුබායි සිට 76 දෙනෙක්, අබුඩාබි සිට 42 දෙනෙක්, කටාර් සිට 96 දෙනෙකු සහ ඉන්දියාවේ සිට 53 දෙනෙකු මෙසේ පැමිණ තිබෙනවා.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළේදීම පී සී ආර් පරික්ෂාවට ලක්කිරීමෙන් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමටයි පියවර ගත්තේ.
මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයන්ට සිදුකරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට අවධානය යොමුව තිබෙනවා. නවීණ තාක්ෂණයෙන් යුත් ස්වයංකී‍්‍රය පරික්ෂණ යන්ත්‍රයක් සහ පරික්ෂණ කට්ටල තිස් නවදහසක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම ඊයේ (27) සිදුවුණා. ඒ ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර සංවිධානයේ සහයෙන්.