ජැෆ්නා ස්ටැලියන්ස්ට කඩුලු 8ක ජයක්
Related Articles
ලංකා පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේ දෙවන තරඟය කඩුලු 8 කින් ජයගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහරදුන්නේ. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 175 ක්. නායක ෂහීඩ් අෆ්රිඩි අර්ධ ශතකයක් ලබාගත්තා. පන්දු යැවීමේදී කඩුලු 4 ක් බිඳහෙලීමට ඩුවේන් ඔලිවියර් සමත් වුණා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේදී සිය ජයග්‍රහණය වාර්තා කළා. බිඳවැටුණු කඩුලු සංඛ්‍යාව දෙකක්. විශිෂ්ඨ පිති හරඹයක නිරතවූ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92 ක් රැස්කළා. හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් ඊට ඇතුලත්.