කිලිනොච්චියේ විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙත පුද්ගලයින් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලැබුවා.
රියදුරුට නින්දයාමෙන් රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් අනතුරට ලක්ව ඇති බවයි පලෙයි පොලීසිය සදහන් කළේ.
තුවාලකරුවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.