පාස්කු කොමිසම : මඩකලපු විශ්වවිද්‍යාලය කොරෝනා අවසන් වීමෙන් පසු විවෘත කිරීමට හිස්බුල්ලා සූදානම්
Related Articles
ආන්දෝලනයට තුඩු දුන් මඩකලපුව විශ්ව විද්‍යාලය කොරෝනා අවසන් වීමෙන් පසු රජය සමග සාකච්ඡා කර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
හිස්බුල්ලා මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ 3 වන දිනටයි. මෙම විශ්වවිද්‍යාලයේ ති‍්‍රමාණ සජීවීකරණය කළ සැලැස්මක් කොමිසම හමුවේ ප්‍රදර්ශනය කළ සාක්ෂිකරු
”ස්වාමිනි, බැටික්ලෝ කැම්පස් කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක්. මම මේක හැදුවේ නැගෙනහිර පළාතේ දුප්පත් අහිංසක ළමයින්ට ඉගෙන ගන්න. මේක හදලා ඉවර වෙද්දි ආසියාවේ ලොකුම විශ්ව විද්‍යාලය බවට පත් වෙනවා. අක්කර 100 ක හදන්නයි ප්ලෑන් කළේ. දැනට සිසුන් 3000 කට ඉගෙන ගනන පුඵවන්. හදලා ඉර වෙද්දි 10,000 කට විතර අධ්‍යාපනය ලබන්න පුළුවන්. මේ සදහා අරාබියේ සමාජ සේවා සංවිධානයකින් රුපියල් බිලියන 3.6 ක මුදලක් හම්බෙලා තියෙනවා. ඉදිකිරීම් අවසන් වෙද්දි රුපියල් බිලියන 18 ක් වගේ යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.
අරාබි ගෘහ නිර්මාණ ශිල්පය මේකට භවිත කළේ ඇයි දැයි” රජයේ අධිනීතිඥවරයා විමසා සිටියා. අරාබි ගෘහ නිර්මාණ ශිල්පය නොව ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පය මේ සදහා යොදාගෙන ඇති බවයි හිස්බුල්ලා මහතා පැවසුවේ.
ශරියා නීතිය උගන්වන්නත් මෙහි පාඨමාලාවක් තියෙනවා නේදැයි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කළා. ”මුලින්ම එහෙම අරමුණක් තිබ්බා, විෂයන් 10 න් දෙකක් ශරියා නීතිය සම්බන්ධන්ධවයි. නමුත් ඒකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ. පස්සේ අපි විශයන් 08 කට අඩු කළා යනුවෙන් හිස්බුල්ලා මහතා පිළිතුරු ලබා දුන්නා.
මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා ලැබී ඇත්තේ ආධාරයක් ද නැතහොත් ණයක් ද යනුවෙන් ප්‍රශ්න කෙරුණා. සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේ වසර 15 කින් ගෙවීමට හැකි වන සේ ණයක් ලැබුණු බවයි. සාමාන්‍යයෙන් ණය ගිවිසුමකට එළඹීමේදී සාක්ෂිකරුවෙකු ලෙස බාහිර පාර්ශ්වයක් අත්සන් තබනවා නේදැයි කොමිසමේ දී ප්‍රශ්න කෙරුණා.
එමෙන්ම ණය ගෙවීම පැහැර හැරියහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදවත් මේ ගිවිසුමේ සදහන්ව නැති බවයි ප්‍රකශ කෙරුණේ. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු ප්‍රකාශ කළේ ”ඉස්ලාමය කියන්නේ අල්ලා දෙවියන්. අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඒ විශ්වාසය මත තමයි අපි ගිවිසුම් ගත වෙන්නේ. ඒ නිසා ලිඛිත ගිවිසුම් අපිට ප්‍රශ්නයක් නැහැ. යනුවෙන් පැවසුවා.