fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැරඩෝනාගේ අභාවය හේතුවෙන් ආර්ජන්ටිනාවේ දින 3ක ශෝක කාලයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 17:35

ලෝක පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනාවේ ඩියේගෝ මැරඩෝනාගේ අභාවය හේතුවෙන් එරට රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මැරඩෝනා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව ආර්ජන්ටිනා සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

ඩියේගෝ මැරඩෝනා මිය යන විට හැට හැවිරිදි වියේ පසු වුණා. සෞඛ්‍ය ගැටලු කිහිපයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි ඔහු මීට සති කිහිපයකට පෙර හදිසි ශල්‍යකර්මයකට ද භාජනය කළා. 1970 දශකයේ අග භාගයේදී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා 1986 වර්ෂයේදී ආර්ජන්ටිනාවට ලෝක පාපන්දු ශූරතාව දිනා දීමට සමත් වුණා. පාපන්දු ලොවේ කිරුළ හිමි කුමරු ලෙස නම්දරා සිටි මැරඩෝනා අවාසනාවකට මෙන් මතට ලොල්වීම හේතුවෙන් දිනෙන් දින තම කීර්තිනාමයට හානි සිදුකරගත් බව බොහෝ දෙනාගේ මතය වුණා. ***

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 17:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්