බලශක්ති ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂය සූර්ය විදුලියෙන් සනිටුහන් කිරීමට සියල්ල සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් ඉලක්ක කර ගනිමින් සූර්ය පැනල ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සූර්ය සුළං සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සැළසුම්කර තිබෙනවා. නව අයවැය යෝජනාවක් වන මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක හා මහජන බැංකු නිලධාරීන් අතර පැවැත්වුණා. රාජ්‍ය බැංකු සම්බන්ධකර ගනිමින් අවම පොලී අනුපාතයක් මත සහන ණය යෝජනා ක්‍රමයක් තුළින් සූර්ය පැනල බාදීමටයි සැළසුම්කර තිබෙන්නේ. ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.