fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 502ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:07

ඊයේ (25) හදුනාගත් ආසාදිතයින් 502නාගෙන් 260 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 දෙනෙකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු ද මෙසේ හදුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණ කොරෝනා පොකුර මේ වන විට 17,934 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිසෙන් දොළොස් දහස් දාහතර දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි එක් දහස් හාරසිය හැට අටක්. ඉන් ආසාදිතයින් 5926 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ (25) දිනයේ පූර්ණ සුවය ලබා තවත් කොරෝනා ආසාදිතයින් 485 දෙනෙකු රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,446ක්.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව  සෞඛ්‍ය අංශ සදහන් කළා.  පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමෙන් පසු ජයවර්ධනපුර රෝහලේ සිට පිඹුර මූලික රෝහල වෙත මාරු කර යැවුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි සෞඛය අංශ පවසන්නේ. එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 12 පදිංචි 45 හැවිරිදි කාන්තාවකට ද කොරෝනා ආසාදනය සමග ඇතිවූ අධිරුධිර පීඩනය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මෙරට දී මියගිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96 ක්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්