කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීමට ලොව ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගම් දැඩි තරගයක නිරතවන මොහොතක නාසයට මුසුකළ හැකි දියරයක් නිපදවීමට ඔස්ට්‍රියා විද්‍යාඥයින් කණ්ඩායමක් මේ වනවිට අත්හදා බැලීම් සිදුකරනවා. එම දියරය නිෂ්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණ කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක පිරිස් බේරා ගැනීම බවයි සදහන් වන්නේ. පරීක්ෂණ මට්ටමේ පවතින මෙම ප්‍රතිකාරය පුද්ගලයින් 334 දෙනෙක් යොදා ගනිමින් වියානා නගරයේ දී සායනික අත්හදා බැලීම් කර ඇති අතර එය සාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.