LPL කි‍්‍රකට් තරගාවලිය පස්වරුවේ ඇරඹෙයි – සජීවි විකාශය වසන්තම් රූපවාහිනියෙන්
Related Articles
ලංකා පි‍්‍රමියර්ලීග් තරගාවලිය පස්වරුවේ ආරම්භ වනවා.
සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ පස්වරු 3.30 ටයි. පළමු තරගය රාති‍්‍ර 7.30 ට ආරම්භ වනවා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කළම්බු කින්ග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කස් කණ්ඩායම් අතරයි පළමු තරගය පැවැත්වෙන්නේ.
සමාරම්භක උත්සවය සහ සියලු තරග වසන්තම් ටී වී ඔස්සේ සජීවිව විකාශය කෙරෙනවා. ITN ලක්හඬ සහ වසන්තම් FM ඔස්සේ විටින් විට තරග තොරතුරු ගෙන ඒමටයි කටයුතු යොදා තිබෙන්නේ. කොළඹ පිළ වෙනුවෙන් කී‍්‍රඩා කරන කොදෙව් කී‍්‍රඩක ඔන්රේ රසල් ඊයේ (25) පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
තරගාවලිය ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට ඓතිහාසික අවස්ථාවක් බවයි ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශකළේ. LPL තරගාවලිය අනාගත අයෝජනයක් බවද කි‍්‍රකට් ආයතනය සදහන් කළා. මෙරට කි‍්‍රඩකයින්ගේ දක්ෂතා ඉහළ නැංවීමට සහ නවක කි‍්‍රඩකයින් හදුනාගැනීමට ඉන් අවස්ථාව සැලසෙනවා. තරගාවලිය ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ විධිවිධාන අනුව පැවැත්විමටයි සියලු කටයුතු සූදානම් කරතිබෙන්නේ.
LPL තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.