බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිනියකට එහි විධායක ඉංජිනේරුවරයා පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ හුවමාරු වුණා.
ඊට අදාළව ලැබුණු පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් එම ඉංජිනේරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරුණා.
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල ඉංජිනේරු කාර්යාලයේ සේවය කළ 43 හැවිරිදි කළමනාකරණ සහකාරවරියකට එම කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ එම වීඩියෝ පටයෙන් දැකගත හැකියි.
පහරකෑමට ලක් වූ තැනැත්තිය ගම්පහ පොලීසියට පැමිණිලි කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණා.
පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ඉංජිනේරුවරයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
මෙහිදී අධිකරණය නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හරින ලෙසයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/SuAE47Ko6TE”]