LPL ක්‍රිකට් වසන්තය හෙට ඇරඹේ
Related Articles
ලංකා ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ කෙරෙනවා. තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගනිමින් දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙවර තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රි ලංකා කිකට් ආයතනයේ උප සභාපති රවී වික්‍රමරත්න මහතා සදහන් කරනවා. තරගාවලියේ නිල විකාශන අයිතියට හිමිව තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටයි.
තරගාවලිය ආරම්භ කරමින් පලමු තරගය ලෙස කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කස් කණ්ඩායම හෙට දිනයේ දී තරග වැදීමට නියමිතයි. එමෙන්ම මෙවර තරගාවලිය නැරඹීම සදහා කිසිදු ප්‍රේක්ෂකයෙකුට ක්‍රීඩාංගනයට ඇතුල්වීමේ අවස්ථාවක් නොමැති බැවින් තරගාවලිය ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ වසන්තම් ටීවී නාලිකාව ඔස්සේ නරඹන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවී වික්‍රමරත්න මහතා ප්‍රේක්ෂකයින්ට ආරාධනා කර සිටිනවා.