fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාර් සුළිකුණාටුව ඇදී ඒමත් සමඟ තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රාන්ත බලධාරීන් පූර්වාරක්ෂක ක්‍රමෝපාය රැසක් ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2020 15:52

නිවාර් සුළිකුණාටුව ඉදිරියට ඇදී ඒමත් සමග පූර්වාරක්ෂක ක්‍රමෝපාය රැසක් ගැනීමට තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රාන්තවල බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

දකුණු ඉන්දීය බලධාරීන් මේ වන විටත් මහජන රැස්වීම් තහනම් කර ඇති අතර කඩ සාප්පු වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ආපදා සහන කණ්ඩායම් රැසක් දකුනු ඉන්දියාවේ විවිධ ප්‍ර දේශවල ස්ථාන ගත කිරීමට ද පියවර ගැනුණා. නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ ගිණිකොණ දිග ප්‍රදේශ ඔස්සේ හමා ඒමට නියමිතයි. මේ වන විටත් එම ප්‍ර දේශවලට තද වැසි සහ තද සුළං ඇති වෙමින් පවතිනවා. නිවාර් සුළිකුණාටුව පැයට කිලෝමීටර 120ක වේගයෙන් හමා යාමේ අවදානමක් ද පවතින බවයි ඉන්දීය කාලගුණ අංශ සදහන් කළේ. අද දිනය මහජන නිවාඩු දිනයක් ලෙසට ද තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශයට පත්කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2020 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්