fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව නිර්මාණය කළ Covid එන්නත ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2020 15:26

රුසියාව නිර්මාණය කළ ස්පුට්නික් වී එන්නත ගබඩා කිරීමේදී සෙසු එන්නත්වලට සාපේක්ෂව ඉතා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පර්යේෂකයන් පවසනවා.

සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක් තුළ මෙම එන්නත ගබඩා කිරීමට පහසුවෙන් හැකිවන බැවින් ඕනෑම රටකදී එය භාවිත කිරීමට හැකි බවයි රුසියා පර්යේෂකයන් පවසන්නේ. මෙතෙක් සොයා ගෙන ඇති එන්නත් බහුතරයක් ඉතා අඩු උෂ්ණත්වයන් තුළ ගබඩා කිරීමට අවශ්‍ය බැවින් තාක්ෂණය අඩු රටවල් තුළ ගබඩා කිරීමට ගැටලු මතුවනවා. එසේම එන්නතක් ඇමෙරිකා ඩොලර් 10 කටත් අඩු මුදලට ජාත්‍යන්තර වෙළෙදපොලට ලබාදීමට ද රුසියා බලධාරීන් කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. කෙසේ වෙතත් රුසියානු පුරවැසියන්ට නොමිලේ එන්නත ලබා ගැනීමට හැකිවනවා. එන්නත සියයට අනූපහකට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2020 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්