fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව ජංගම දුරකතන යෙදවුම් 43ක් තහනම් කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2020 14:58

ජංගම දුරකතන යෙදවුම් 43ක් තහනම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

මෙම ජංගම දුරකතන යෙදවුම් චීනය නිශ්පාදනය කර ඇති බැවින් ඒවා තහනම් කිරීමට කටයුතු කළ බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ. ඉන්දියාවේ ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවට හානි සිදුවන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. තහනම් කරන ලද ජංගම දුරකතන යෙදවුම් අතර අලි බාබා සමාගමට අයත් අලි එක්ස්ප්‍රෙස් යෙදවුමද  පවතිනවා. මිට පෙරද ඉන්දීය රජය යෙදවුම් 170ක් පමණ තහනම් කළ අතර ඊට හේතුව ලෙස දක්වා තිබුණේ ජාතික ආරක්ෂාවට වැදගත් වන තොරතුරු එම යෙදවුම් හරහා විදෙස් රටවලට ලැබෙන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2020 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්