ඇෆ්ගනිස්ථානයේ බාමියන්හි සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් දාහතර දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්‍යාව හතළිස් පස් දෙනෙකු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. බාමියන් නගරයේ ප්‍රධාන වෙළෙදපොළක් ආසන්නයේ මෙම බෝම්බ දෙක පුපුරුවා හැරීමට ත්රස්තවාදීන් කටයුතු කළා. සිවිල් වැසියන් දෙළොස් දෙනෙකු සහ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය තහවුරු කර තිබෙනවා. තලෙයිබාන් සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. කෙසේ වෙතත් බාමියන් නගරය පසුගිය කාලය තුළදී වඩාත් සාමකාමීව පැවතියා.