තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතරු ඇඟවීමේ නවතම රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව ඉදිරි පැය 30ක කාලය තුල චන්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාව වෙත ගමනකරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.