විධිමත් බල හුවමාරුවක් සදහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකතාව පල කර තිබෙනවා.
දූෂිත මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව දිගටම සටන් කළ ද කළ යුතු දේ කළ යුතු බැවින් විධිමත් බල හුවමාරුවක් සදහා එකග වන බවයි ඔහු සදහන් කරන්නේ.
මේ අතර ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් තම විදේශ ප්‍රතිපත්ති කණ්ඩායමේ හා ජාතික ආරක්ෂක අංශයේ තනතුරු කිහිපයක් නම් කර තිබෙනවා. ජාතික බුද්ධි අධ්යක්ෂ තනතුර සදහා ඇමෙරිකා ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් නම්කර තිබීම විශේෂත්වයක්.
බල හුවමාරුව පිළිබද පූර්ණ අධීක්ෂණය ෆෙඩරල් ඒජන්සිය සිදු කරන අතර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට දන්වා තිබෙනවා. මිචිගන් ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න්ට හිමි වූ බව නීත්‍යානුකූලව තහවුරු කිරීමත් සමගයි ට්‍රම්ප් බල හුවමාරුව සදහා එකගතාව පළ කළේ. ඒ අනුව ජනවාරි 20 වන දින ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.
මේ අතර නව රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්ටනී බ්ලින්කන්ව පත් කිරීමට ජෝ බයිඩ්න් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අභ්‍යන්තර ආරක්ෂක කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඇලෙජැන්ඩෝ මයෝර්කාස්ව පත් කර තිබෙනවා. ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන කාලය තුළ ජාතික ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය උපදේශක තනතුරේ කටයුතු කළ අයව්රිල් හේන්ස් ජාතික බුද්ධි අධ්යක්ෂ තනතුරට පත් කෙරුණා. ඊට අමතරව ජේක් සුලිවන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස ද ලින්ඩා තෝමස් ජගත් සංවිධානයේ ඇමෙරිකා නියෝජිතයා ලෙස ද හිටපු රාජ්‍ය ලේකම්වරයකු වන ජෝන් කෙරී කාලගුණ කටයුතු පිළිබද විශේෂ නියෝජිතයා ලෙස ද පත්කර ඇති බවයි ජෝ බයිඩ්න් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.