බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
උතුරු හා නැගෙනහිර මුහුද ද ඉතා රළු වී මුහුදු රළ ද ගොඩබිමට පැමිණිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/OLTLdvhkIp8″]
මේ අතර අද දිනයේදී උතුරු පළාතට තද වැසි සමග තද සුළං ඇති වූ බව අප වාර්තාකරුවන් පෙන්වා දෙනවා. යාපනය නුවර ඒ නවය මාර්ගයේ කුඹුගොල්ලෑව ප්‍රදේශයට ගස් අතු කඩා වැටීම නිසා ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා. වව්නියාව ඇතුලු උතුරේ සෙසු ප්‍රදේශවලට ද අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. මුහුද රළු වීම හේතුවෙන් ධීවරයන් ධීවර කටයුතුවලින් වැළකී සිටින ආකාරය ද දැකගත හැකියි.