කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි
Related Articles
කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. කොරෝනා පළමු රැල්ලට වඩා දෙවන රැල්ල වෙනස් බවත් මේ අවස්ථාවේ පවුල් ලක්ෂ 78 කට සහන සලසා ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා. එසේ වුව ද රටේ සංවර්ධන කටයුතු ද කිසිසේත්ම නතර කර නැති බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ. විශාලතම ආයෝජනයක් වන හම්බන්තොට ටයර් කම්හල ඉදිකිරීමේ ගිවිසුමට ද අත්සන් කිරීම ඊට හොඳම උදාහරණයක්. නිවාස හා ජල සම්පාදන ව්‍යාපෘති ආදිය ද ක්‍රියාත්මකයි. කළ යුතු වන්නේ වාද විවාද කිරීම නොව කොරෝනා හමුවේ වුව ද සියලු පාර්ශ්ව එක්ව රට ඉදිරියට ගෙන යාම බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.