fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2020 12:02

දිවයිනේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ රැසක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදුවනවා.

මාර්ග කිලෝමීටර් ලක්ෂයක්  සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය බිහල්පොල සිට මැදැල්පොල දක්වා මාර්ගය සංවර්ධනය කෙරෙනවා. එහි දිග කිලෝමීටර් හතක්. වැය කෙරෙන මුදල රුපියල් මිලියන එකසිය නවයක්. මාස හයකින් මෙහි වැඩ අවසන් කිරීමට නියමිතයි. සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරුද්ධ

බේරුවල හිරිගල්ගොඩැල්ල මාර්ගයද සංවර්ධනය කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියට සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන තිස්එකයි දශම පහක්.

ගාල්ල කොග්ගලකඩේ මංසන්ධියේ සිට මහමෝදර දක්වා වූ මාර්ගයද රුපියල් මිලියන 41 ක වියදමින් සංවර්ධනය කෙරෙනවා. ගාල්ල පුරපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ඇරඹුනා.

පොළොන්නරුව උනගලාවෙහෙර ගල්වල මාර්ගය සංවර්ධනය කෙරෙන්නේද මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන දහඅටයි දශම පහක්. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ඇරඹුනා.

ජා ඇල නිවන්දම යක්කඩුව ශ්‍රී සුමංගල මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ එකසිය හතළිස් පහක්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.

අනුරාධපුර රබෑව ගෝනාව හන්දියේ සිට පණ්ඩුකාභයපුර දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමමේ කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ පී සරත් කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ හයසිය හැත්තෑවක්.

බෙන්තර ඇල්පිටිය අභයපුර මාර්ගයේ කිලෝමීටර 2 ක් කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 37 ක්. චන්ද්‍රසිරි

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්