ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික දළදා මාලිගාව අද පෙරවරුවේ වැද පුදාගත්තා.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජොත්සවයට සහභාගී වීමට ජනාධිපතිතුමා මහනුවරට ගොස් සිටිනවා. දළදා සමිදුන් වැදපුදා ගත් ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමග ද සුහද කතාබහක නිරතවුණා.