fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන් පිටුපස ඔහු මෙහෙයවූ බලවේගයක් සිටිය යුතු බව රවී සෙනෙවිරත්න පාස්කු කොමිසමට කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:16

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා වූ සහරාන් හෂීම් පිටුපස ඔහු මෙහෙයවූ බලවේගයක් සිටිය යුතු බව එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා. ඒ එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

කොමිසම හමුවට පැමිණි සාක්‍ෂිකරුගෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා විමසා සිටියේ ඔබ ආරක්‍ෂක කවුන්සිලයට සහභාගිවී තිබේද යන්නයි. මම ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙක් නෙමෙයි. කැඳවීමක් ලැබුනොත් විතරයි ඊට සහභාගි වෙන්නේ. පාස්කු ප‍්‍රහාරයට පෙර මට එ් වගේ කැඳවීමක් කළේ එක අවස්ථාවකදි පමණයි. එ් වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියේ ප‍්‍රගතිය වාර්තා කරන්න යැයි රවී සෙනෙවිරත්න මහතා පිළිතරු ලබාදුන්නා. එහිදී ඉස්ලාම් අන්තවාදය ගැන සාකච්ඡුා කළාදැයි රජයේ ජ්‍යෙෂ්්‍ය අධිනීතිඥවරයා පෙරලා ප‍්‍රශ්න කළා. මම දන්නෙ නැහැ. පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියේ විමර්ශනවල ප‍්‍රගතිය කෙටියෙන් පැහැදිලි කළාට පස්සේ මට පිටතට යන්න කියලා නියෝග ලැබුණා. අපේ‍්‍රල් 21 ප‍්‍රහාර මාලාවක් එල්ලවීමට පෙර ප‍්‍රහාරයක් එල්ලවිය හැකි බවට පූර්ව දැනුවත් කිරීමක් ඔබට ලැබී තිබුණාදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා යළි විමසා සිටියා. ඉන්ටර්පෝල් එකේ රැුස්වීමට මම අපේ‍්‍රල් 7 ප‍්‍රංශයට ගියා. නැවත ආවේ අපේ‍්‍රල් 13 වෙනිදා. 16 වෙනිදා රාජකාරියට වාර්තා කරනකොට මම දැක්කා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා එවන ලද පොලිස්පතිවරයා මට පිටපත් කරපු මෙම අනතුරු ඇඟවීම.

දේවස්ථාන ඉලක්ක කරගෙන ප‍්‍රහාරයක් එල්ලවේවි කියලා එහි සඳහන් වෙලා තිබුණා. නමුත් එ්ක තොරතුරක් පමණයි. පැහිදිලි බුද්ධි තොරතුරක් නෙමයි. මම එ් වෙනකොටත් නුවරඑළිය, වැලිකන්ද, වාලච්චේන ප‍්‍රදේශවලට සහරාන් සොයන්න නිලධාරීන් යොදවල තිබුණා යැයි සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළා. වනාතවිල්ලූවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහරාන් හෂීම් සම්බන්ධ බවටත් මාවනැල්ලෙ බුදු පිළිම කැඞීමට සාදික් හා සාහිඞ් සම්බන්ධ බවටත් ඔබ දැනගෙන හිටියා. ඔබම කිව්වා සී.අයි.ඞී. එකට දැනුම් දුන්නා කියලා වනාතවිල්ලූව ත‍්‍රස්ත ක‍්‍රියාවකට කළ සැළසුමක් කියලා. එහෙම පසුබිමක කොහොමද කියන්නේ බුද්ධි තොරතුරු විදිහට පැහැදිලි නැහැ කියලා අධි නීතිඥවරයා ප‍්‍රශ්නකර සිටියා.

මේ තොරතුරේ අන්තිමට වාක්‍යයක් තියෙනවා රහසිගත පරීක්‍ෂණයක් සිදුකෙරෙමින් පවතිනව කියලා. එ් වාක්‍ය තුළ මේ මුළු තොරතුර පිළිබඳවම අවිනිශ්චිතතාවක් ඇති කරනවා. එ් අන්තිම වාක්‍ය නොතිබුණා නම් අපි ළඟ තිබුණ තොරතුරුත් සමඟ පූර්ව දැනුවත් කිරීමේ හැකියාව පිළිබඳ අවබෝධයක් ගන්න තිබුණා යැයි රවී සෙනෙවිරත්න මහතා කොමිසම හමුවේ තවදුරටත් සඳහන් කළා. හිටපු අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගේ පියා 21 පල්ලි යන්න එපා කියලා ප‍්‍රකාශ කරල තියෙන්නේ පොලිස් සැරයන් නන්දලාල්ගෙන්. නන්දලාල් කොහොමද 21 ප‍්‍රහාරය වෙන බව දැනගත්තේ යැයි කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසා සිටියා. ඔහු දැනගත්තු විදිහ මම දන්නෙ නැහැ ස්වාමීනී. නමුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස 20 වෙනිදා සවස නිලන්ත ජයවර්ධන මට දුන්න තොරතුර මා යටතේ සිටි උසස් නිලධාරීන් දෙදෙනා වන ශානි අබේසේකර හා සහකාර පොලිස් අධිකාරී වික‍්‍රමසේකර යන දෙදෙනාට මම දැනුම් දුන්නා යැයි ඔහු තවදුරටත් සාක්‍ෂි දෙමින් කියා සිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්