fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ශාසන අභිවෘද්දියට ඉන්දියාවෙනුත් උපකාර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:19

මෙරට සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන පහලොවක ප්‍රදානයක් සිදු කිරීමට ඉන්දීය රජය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසනවා.

ඉන්දියාවේ කපිල වස්තු නුවර සිට වැඩම කර ඇති ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව රාජ ගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේදී වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව සදහන් කළේ. විහාරස්ථානයට පැමිණි මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා අමරපුර ශාසනෝදය සංඝ මහා සභාවේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්ද වංශ ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ධාතූ මන්දිරය වෙත ගොස් එහිදීද ආශිර්වාද ලබා ගැනීමටයි මහ කොමසාරිස්වරයා කටයුතු කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්