fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කාන්තාව සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:56

කොවිඩ් 19 වයිරසය ආසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කාන්තාව කිරිඇල්ල හිදුරන්ගල ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිත කාන්තාව වයස දෙකහමාරක් වන සිය දරුවාද සමඟ බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගියේ  පසුගිය 19 වනදායි. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි  මෙම කාන්තාව  මත්කුඩු චෝදනාවක් මත කුරුවිට බන්ධනාගාරයේ සිටියදී IDH රෝහලට යොමු කෙරුණේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන්. රෝහලෙන් පලා ගිය මෙම කාන්තාව සෙවීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. කිරිඇල්ල ඇහැලියගොඩ හිදුරන්ගල ප්‍රදේශයේ නිවසක් පිටුපස සැඟව සිටියදී ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් එක්ව එම කාන්තාව අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

IDH රෝහලෙන් ඇය පලා යන අවස්ථාවේ ඇහැලියගොඩ යාය පාරේ නිවසක සිටි ඥාතීන්ට භාරදී තිබියදී පොලීසිය දරුවා සොයා ගත්තා. පසුව ඇය පෞද්ගලික බස් රථයක සහ ත්‍රිරෝද රථයකද  ගමන් ගත් බවට තොරතුරු වාර්තා වුණා.

මේ අතර මෙම කාන්තාවගේ දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණා.ඒ හේතුවෙන් දරුවා සමග සිටි තවත් දරුවන් 08 දෙනෙකු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ රාත්‍රියේ කටයුතු කළා. වැඩිහිටි පුද්ගලයින් 10 දෙනෙකුද රාජගිරියේ පිහිටි කොරෝනා  ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්