fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අති පූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පස්වරුවේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:51

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අපවත් වී වදාළ අති පූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසැල් ක්‍රීඩාංගනයේදී අද  පස්වරුවේ පැවැත්වෙනවා. මේ අතර රාමඤ්ඤ නිකායේ අභිනව මහානායක ධුරය සදහා අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ස්වාමීන්වහන්සේ  තෝරා පත් කර ගැනුණා. ඒ මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් ශ්‍රවනාගාරයේ දී පැවති රාමඤ්ඤ නිකායේ විශේෂ කාරක සංඝ සභාවේදීයී.

1923 වසරේ ජනවාරි මස 20 වනදා මහනුවර නාපාන ග්‍රාමයේදී ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ  උන්වහන්සේ 1933 වසරේ පැවිදි දිවියට ඇතුලත්ව 1943 වසරේ  දී උපසම්පදාව ලැබුවා. අපවත් වනවිට මහනායක ස්වාමීන් වහන්සේ අනූ අට හැවිරිදි වියේ පසුවුණා. තම උපන් ගමට ආසන්න මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන 1967 වසරේදී ආරම්භ කරමින් ගිහි පැවිදි විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දීමට උන් වහන්සේ කටයුතු කළා.

මේ අතර අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්වහන්සේ  අපවත් වීමෙන් පුරප්පාඩු වූ ධුරය සදහා මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන්වහන්සේ පත් කර ගැණුනා. අභිනව මහනායක ස්වාමීන්වහන්සේ ඒකමතිකව තේරීපත් වුණා. 1960 වසරේදී පැවිදි භූමියට ඇතුළත් වූ උන්වහන්සේ ත්‍රිපිටක විශාරද, ගෞරව ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි හිමිකර ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්