fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකරන බව රිෂාඩ් කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 18:55

විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තර කලාපය හෙළි කරමින් සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් මන්ති‍්‍රවරයා මේ බව කියා සිටියා. එහිදී ජනාධිපතිකොමිසමේ සාමාජික කොමසාරිස්වරිය විමසා සිටියේ ” ඔබ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම භාර අමාත්‍යවරයාව සිටියදී යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර සිංහල ජනතාව කොපමණ යළි පදිංචි කළේද?” යනුවෙනුයි.

ඊට පිළිතුරු දුන් මන්තී‍්‍රවරයා ” උතුරු පළාතේ සිංහල ජනතාව ඉන්නේ 2%යි මුස්ලිම් ජනතාව 5% ක් ඉන්නවා. යුද සමයේ එල්ටීටීඊය ලක්ෂයක් විතර මුස්ලිම් ජනතාව ඒ ගොල්ලොන්ගේ ගම් බිම්වලින් එළවල දැම්මා. 2009 වර්ෂයේ දී එවකට සිටි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැවත පදිංචි කිරීම් පටන්ගත්තා. මම එතකොට විෂය භාර අමාත්‍යවරයා නෙමෙයි. ඒ කාලේ පදිංචි කිරීම්වලදීත් ගස් කැපුවා. නමුත් කවුරුවත් ඒවට විරුද්ධව පැමිණිලි කළේ නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු ගස් කැපීම ගැන. ඇත්තටම එහේ ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේ්ෂ්ඨාධිකරණයට යනවා” යනුවෙන් ප‍්‍රකාශ කළා. කෙසේ වුවද මන්තී‍්‍රවරයා මෙම අදහස් පළකරන අවස්ථාවේ විල්පත්තු සිද්ධිය ගැන තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා මෙන්ම පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයෙකු කොමිසන් සභාවේ අසුන්ගෙන සිටීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්