fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL2020 : බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිඩක ජොන්සන් චාල්ස් Jaffna Stallions කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 12:49

ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම සමග එක්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිඩක ජොන්සන් චාල්ස් තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් සදහා ඔහු අත්සන් තැබූ බවයි ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය සදහන් කරන්නේ.

මේ අතර ලංකා ප්‍රීමියලීග් තරගාවලියේ නිල  විකාශන අයිතිය හිමිවී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටයි.

ලංකා ප්‍රිමියලීක් ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 5 ක් එක්වන අතර ඒ අතරින් ප්‍රබලතම කණ්ඩායමක් ලෙසයි ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම සැලකෙන්නේ.

ජැෆ්නා ස්ටර්ලියන් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා දරණ අතර වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම සංචිතයට එක් කර තිබෙනවා.

ෂොයිබ් මලික්, උස්මාන් සින්වරි සහ අසීෆ් අලි යන ක්‍රීඩකයින් විදෙස් රටවල් නියෝජනය කරමින් ජැෆ්නා ස්ටර්ලියන් කණ්ඩායමට එක්වන අතර බටහිරි ඉන්දීය කොදෙව් ක්‍රිඩක ජොන්සන් චාල්ස් මෙම  කණ්ඩායම එක්වන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් නියෝජනය කරන 6 වන විදේශීය ක්‍රිඩකයා ලෙසයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 12:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්