fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙන්නප්පුව ධීවර වරායේ ඉදිකිරීම් අවසන් අදියරට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 15:57

වෙන්නප්පුව ධීවර වරායේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන දෙකයි දශම හතරක්.

වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙම ධීවර වරායේ බහුදින යාත්‍රා 500ක් ගාල් කිරීමේ පහසුකම් පවතිනවා. ඊට අදාළ වන පරිදී ජැටිය නිර්මාණය කර ඇති අතර කුඩා ප්‍රමාණයේ ධීවර යාත්‍රා 850ක්ද එහි ගාල් කර තැබීමට හැකි බව ධීවර නිලධාරීන් පවසනවා. දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ බහුදින යාත්‍රාකරුවන් ධීවර කටයුතු සදහා භාවිත කරන්නේ දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන් වන අතර නව වරාය ඉදි කිරීමත් සමග ඔවුන්ට පහසුක්ම රැසක් සැලසෙනවා. ඉන්ධන සැපයුම් අංගනයක්,  දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලක්, ශ්‍රවණාගාරයක්, දැල් ආම්පන්න සැකසීමේ ස්ථානයක් මෙන්ම මත්ස්‍ය වෙළෙදපොලක් ද මීට ඇතුළත්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්