fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 12:04

මාතර එලියකන්ද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.

මාතර තංගල්ල එලියකන්ද ප්‍රදේශයේදී එළවළු ප්‍රවාහන ලොරි රථයක් හා බස් රථයක් මෙසේ අනතුරට ලක්වූ බව පොලිසිය පවසනවා. ලොරි රථයේ සිරවී සිටි රියදුරා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා පිටතට රැගෙන මාතර මහ රෝහලට ඇතුලත් කළද ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

තුවාල ලැබූ බස් රථ රියදුරුද මාතර රෝහලට ඇතුලත් කර තිබෙනවා. බස් රථයේ  ගමන් ගත් පස් දෙනෙකු ද අනතුරින් සුළු තුවාල ලැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්