fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 20ක් වටිනා තහනම් දැල් තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 11:11

පුත්තලම කල්පිටිය නොරොච්චෝල ප්‍රදේශයේ කලපු ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 20ක් වටිනා තහනම් දැල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තහනම් දැල් භාවිත කරමින් නීතිවිරෝධී ධිවර කටයුතුවල නියැලෙන්නන් පිරිසක් පිළිබද යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යුද හමුදාව හා පුත්තලම සහකාර ධීවර පරික්ෂක කාර්යාලය එක්ව මෙම වැටලීම සිදුකළා. එහිදී නීතිවිරෝධී ධීවර කටයුතු සදහා යොදාගත් දැල් ආම්පන්න රැසක් මෙසේ අත්අඩංගුවට ගත් බවයි ධීවර නිලධාරීන් සදහන් කළේ.

ස්වාභාවික කඩොලාන ශාක පවා විනාශ කරමින් ධීවරයින් මෙම නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්