ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමල් පුත්‍රයා වන ට්‍රම්ප් ජූනියර් හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.
හතලිස් දෙහැවිරිදි ට්‍රම්ප් ජූනියර් රෝගී තත්ත්වය හේතුවෙන් නිවාස නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කළ බවයි ධවල මන්දිර සෞඛ්‍ය අංශ පවසන්නේ.
පසුගියදා පැවති ඇමෙරිකා ජනාධිපතිවරණ ප්‍රචාරන කටයුතු සදහා ට්‍රම්ප් ජූනියර් සහභාගි වූයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබද නොසැලකිලිමත් අයුරින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර ධවල මන්දිර නීතීඥවරු දෙදෙනෙකුට ද වයිරසය අසාදානය වී ඇති බව වාර්තා වනවා.