fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනාව ගැන වැරදි ප්‍රකාශයකින් ලොක්ඩවුන් වුණු දකුණු ඔස්ට්‍රේලියාව යළිත් ඇරෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 18:13

ඇඩිලේඩ් නුවර ඇතුළු දකුණු ඔස්ට්‍රේලියාව දින හයකට වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කළේ කොවිඩ් නයින්ටීන් ආසාදනය පිළිබදව එක් පුද්ගලයෙකු සිදුකළ වැරදි ප්‍රකාශයක් හේතුවෙන් බව අනාවරණය වී තිබෙනවා.

වසා දැමුණු දින දෙක තුළ නව ආසාදිතයින් තුන් දෙනෙකු පමණක් වාර්තා වීම හේතුවෙන් ප්‍රාන්තය හෙට යළි විවෘත කිරීමට නියමිතයි.

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ස්ටීවන් මාර්ෂල් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ පීසා අවන්හලක සේවය කළ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බවත් අදාළ පුද්ගලයා පීසා මිලට ගැනීමට ගිය පුද්ග‌ලයෙකු පමණක් වන  බවත්ය. මෙලෙස කෙටි වෙලාවක් තුළදී වයිරසය ආසාදනය වීම අවධානම් තත්ත්වයක් ලෙස සලකා ප්‍රාන්තය දැඩි නිරෝධායන නීති යටතේ දින හයක් වසා දැමීමට තීරණය කෙරුණා.

එහෙත් අදාළ පුද්ගලයා සේවය කළ පීසා අවන්හලේ ආරක්ෂකයෙකුගෙන් අවන්හල් සේවකයාට වයිරසය ආසාදනය වී ඇති බව මේ වනවිට‌ අනාවරණය වී තිබෙනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 18:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්